බ්‍රිතාන්‍යයේ කොවිඩ් මරණ සංඛ්‍යාව 11329


ඉරිදා දහවල් වන විට බ්‍රිතාන්‍ය තුළ මියගිය කෝවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 11,329 ක් දක්වා ඉහළ ගොස් ඇති ඒ අනුව පෙර දිනය හා සැසදීමේදී එය 717ක වර්ධනයකි.

සඳුදා උදෑසන වන විට බ්‍රිතාන්‍යයේ COVID-19 රෝගීන් 88,621 ක් වාර්තා වී තිබේ. බ්‍රිතාන්‍ය තුළ පරීක්ෂණ 367,667 ක් අවසන් කර තිබේ.

 සඳුදා දිනයේදී දිනපතා පුවත්පත් සාකච්ඡාවේ මුලසුන දැරූ විදේශ ලේකම් ඩොමිනික් රාබ් කියා සිටියේ මෙම සතිය අගදී කොරෝනා වයිරස් අගුලු දැමීම ලිහිල් කිරීමට හෝ ඉවත් කිරීමට රජය අපේක්ෂා නොකරන බවයි.



Recommended Articles